2:11 AM
0


මේක මීට අවුරැදු ගානකට කලින් මඩකලපුව පැත්තේ රාජකාරී කරපු පොලිස් අධිකාරීවරයෙකුට වෙච්ච සිද්ධියක්. දවසක් උදේ මෙතුමා රියදුරා එක්ක රාජකාරී සඳහා වාහනේ යනවලු. රියදුරා බොහොම මෑතකදි පොලිසියට බැඳුනු තරැණයෙක්ලු. මෙතුමා දැක්කලු රියදුරාගේ මුණ වැඩිය හොඳනැති ගතියක්. එතන ඉඳලා කථාව වෙච්ච විදියටම ලියන්නම්.

අධිකාරී – මොකද අයිසේ මූණේ හැටි.. ටිකක් හිනාවෙලා ඉන්නවකෝ උදේ පාන්දර.
රියදුරැ – නැහැ සර්..මේ ..මේ…
අධිකාරී – මොක්කද අයිසේ ගොත ගහන්නේ.. තමාසෙට මොනහරි ප්‍රශ්ණයක් තියෙනවද ?
රියදුරැ – පොඩි ප්‍රශ්ණයක් නම් තියනවා සර්.. ඒත් මේ…
අධිකාරී – කියනවා අයිසේ… කියනවා.. මොකක් ද?
රියදුරැ – මං ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියනවා සර්.. දැන් ඒ ගෑණු ළමයා කියනවා අම්මලා තාත්තලා වෙන කෙනෙක්ව හොයනවළු බන්ඳලා දෙන්න.
අධිකාරී – අපෝ ඕක මොකක්ද අයිසේ… තමුසේ මහ බය ගුල්ලේක්නේ.. කෙලින්ම ගිහින් අහනවා.
රියදුරැ – අනේ බයයි සර්.. ඒගොල්ලෝ හරි සල්ලිකරයෝ.. තාත්තා හරිම වසයිළු..
අධිකාරී – අනේ ඕයි.. තමුසේ පොලිසියේ කියලා කියන්නත් ලැජ්ජයි. එහෙම මොනාහරි උනොත් කේස් එකක් දාලා තාත්තව ගන්නවා ඇතුලට.. දෙක තුනක් දෙනකොට නිකම්ම කැමති වෙයි.. තමුසේ බය නැතිව ඉන්නවා.. මොනාහරි උනොත් මං ඉන්නවානේ..
රියදුරැ – අනේ බොහොම ස්තූතියි සර්.. මං ගෑණු ළමයට කියන්නම් සර්..
අධිකාරී – හරි.. හරි.. දැන් ඉස්සරහා බලාගෙන එළවනවා.
සති කීපයකට පසු..
අධිකාරී – මොකද තමුසේ අදත් මූණ එල්ලගෙන.. කෙල්ල මොකද කියන්නේ.
රියදුරැ – වැඩක් නැහැ සර්..මාගේ ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ දැන්.. කෙල්ල කියනවා ඉක්මනට මොනාහරි නොකොලොත් එයා ගැන අදහස අතඇරගන්න වෙයිළු.
අධිකාරී – ඉතිං තමුසේ මොකද කිව්වේ..
රියදුරැ – මං මොනවා කියන්න ද සර් ?
අධිකාරී – කොන්ඳ කෙලින් වැඩකරනවා.. පිරිමියෙක් වගේ.. කෙල්ල අඩු වයසද ? , කෙල්ල තමුසෙට ආදරේද ?
රියදුරැ – වයස හරි සර්, ඕව් සර්…එයා මට ගොඩක් ආදරෙයි…
අධිකාරී – තමුසේ…?
රියදුරැ – ඔව් සර්… එයා මගේ පන… මං මගේ ජීවිතේටත් වැඩිය එයාට ආදරෙයි..
අධිකාරී – එහෙනම් මොන් මගුලද ඕයි තවත් බලාගෙන ඉනනේ.. තාත්තටයි අම්මටයි බමිබු ගහගන්න කියලා උස්සගෙන යනවා ඕයි… මොනාහරි උනොත් මං බලාගන්නම්.. තමුසෙට ඕනේ නම් මං ට්‍රාන්සර් එකකුත් හදලා දෙන්නම්.
රියදුරැ – කමක් නැද්ද සර්..
අධිකාරී – කමක් නැයැ ඕයි … උස්සගෙන යනවා… තමුසේ වගේ පොලිස් කාරයෙක්..
දින කීපයකට පසු පොලිස් අධිකාරීවරයාගේ විසි දෙහැවිරිදි දියණිය අතුරැදහන් වී ඇති අතර ඇය විසින් ලියා තබන ලද ලිපියක සඳහන් තමා සිය පියා විසින් තම පෙම්වතාට දෙන ලද උපදෙස් මත මෙම තිරණය ගත් බවයි. අදාල පොලිස් අධිකාරීවරයා විශ්‍රම යනතෙක්ම රියදුරෙකු යොදා නොගන්නා ලදී.

0 comments:

Post a Comment